මැලිබන් ‘Global Ceylon tea party’ සඳහා නිල බිස්කට් සහකරු ලෙස එක්වෙයි | දිනමිණ

මැලිබන් ‘Global Ceylon tea party’ සඳහා නිල බිස්කට් සහකරු ලෙස එක්වෙයි

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ 150 වසරක සැමරුම වෙනුවෙන් සුවිශේෂී බිස්කට් පෙළක් වසර 65කට අධික ඉතිහාසයක් සහිත, මෙරට පාරිභෝගිකයන්ගේ වැඩිම ආදරය දිනූ බිස්කට් සන්නාමය වන මැලිබන්, ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ 150 වසරක සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන සිටී. මේ සැමරුම වෙනුවෙන් Earl Grey සහ Ginger Tea යන රස දෙකෙන් යුත් සුවිශේෂී බිස්කට් පෙළක් නිපදවීමට ද මැලිබන් කටයුතු යොදා ඇති අතර, එම බිස්කට් සඳහා ලංකා තේ 150 වැනි සැමරුමෙහි ලාංඡනය යොදා ගැනේ.

‘තේ යනු ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික හා ආර්ථික පැතිමානයන්ට විශාල බලපෑමක් කළ නිෂ්පාදනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එවන් වූ නිෂ්පාදනයක් වෙනුවෙන් ලොව පුරා පැවැත්වෙන මෙවැනි ගෞරවනීය උත්සවයකට එක්වීමට ලැබීම අප ලද භාග්‍යයක්. බිස්කට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස මේ ආකාරයට ලොව පුරා පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ නිෂ්පාදනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප ආඩම්බර වනවා. හිරු නැ‍ඟෙන දේශය යන විරුදාවලිය ලත් ජපානයෙන් ඇරැඹි දකුණු අමෙරිකානු කලාපය දක්වාම විහිද යන මේ සැමරුම රටවල් 100කට අධික සංඛ්‍යාවක ‍තෝරාගත් ස්ථානවල දී, එම රටවල වේලාවෙන් පසුවරු 5ට පැවැත්වීමට නියමිතයි.

ලොව විශාලතම තේ සාදය පවත්වා ගිනස් වාර්තා අතරට එක්වීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය දරන මේ උත්සාහයට දායක වීමට හැකිවීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටු වෙනවා.’ මැලිබන් බිස්කට් මැනුෆැක්ටරීස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා කුමුදිකා ප්‍රනා්දු මහත්මිය පැවසුවාය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...